අතුල් වෙන්න තහනම් ලෝකයේ භයානකම දූපත
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

අතුල් වෙන්න තහනම් ලෝකයේ භයානකම දූපත

අතුල් වෙන්න තහනම් ලෝකයේ භයානකම දූපත

පෘතුවියේ තියෙන වඩාත් භයානකම ස්ථාන වලින් ඉදිරියෙන්ම පසුවන්නක් තමයි බ්‍රසීලයේ සර්ප දූපත. කොතරම් භයානකද කියනවනම්, මෙහි වර්ග මීටරයකට සර්පයන් පස් දෙනෙකු ලෙස පර්යේෂකයන් ගණන් බලා තියෙනවා.

 

ඒ වගේම මේ වාසය කරන සර්පයිනුත් ඉතාම විශ සහිත වූවන්. ඉතින් ඔබට මෙහි ඇති භයානක බව වටහා ගන්න පුළුවන්. මේ නිසාම බ්‍රසිල රජය විසින් මෙය තහනම් ප්‍රදේශයක් ලෙසද නම් කර තියෙනවා. ගෙවුනු කාලය තුළ දූපතට ගිය පුද්ගලයන් කීප දෙනක්ම මෙම සර්පයන්ට බිලි වීම්ද වාර්තා වෙනවා. මේ සිදු වීමෙන් අනතුරුව එහි ප්‍රදීපාගාර ස්වයංක්‍රීය කිරීමටද එරට රජය පියවර ගන්නවා. මෙහි වෙසෙන සර්පයන් තම ආහාර අවශ්‍යතාවය සලසා ගැනීමට ප්‍රධාන ලෙසම සංක්‍රමණික පක්ෂීන් යොදා ගනු ලබනවා. (වසර 11000ක් ) පැරණි බ්‍රසීලයේ ඇති මේ දූපතෙ ගොඩබිම ඇති විෂඝෝරම සර්පයෙක්ට වඩා මෙහි සර්පයෙක්ගෙ විෂ පස් ගුණයකින් වැඩි. මනුස්සයෙක් සැනකින් මරා දැමිය හැකි සර්පයන් සිටින මේ දූපත රතු දත්ත පොතටද ඇතුලත්. මෙහිදි අධික විෂ සහිත පොළගෙක් මෙහිදි ඇමරිකානු ඩොලර් 10000 - 30000 අතර මුදලකට බලධාරීන්ට හොරෙන් විකිනෙන්නේ මෙ සර්පයින්ගේ ඇති සුවිශේෂ ඖෂධ ගුණය නිසාය. මේ දූපතේ වාසය කරන අයගෙන් භයංකාරම කෙනා තමයි හෙල්ලයක් වගේ හිසක් තියෙන රත්තරං පැහැති Golden Lancehead නැමති පොළඟා. අඟල් 28 සිට අඟල් 46 ක් දක්වා ප්‍රමාණයකට උන් දිගින් වැඩෙනවා. ලෝකයේ ඉන්න විෂ අධිකම පොළඟා.

 

"මෙම දූපතේදි ඉහළින් පියාඹන කුරුල්ලෙකු සර්පයෙකු විසින් පැන අල්ලා ගනු දුටුවොත් ඔබ පුදුම විය යුතු නැත. මක් නිසාද යත් එම දුපතේ සර්පයින් අනුවර්තනය වී ඇත්තේ එලෙසිනි. මෙහි ඇති භයානක බව හා වටිනාකම නිසාම මෙම දූපතට අවසර ලත් අය හැර අන් අයට පැමිණීම තහනම් කර තිබේ.

views

347 Views

Comments

arrow-up