මියන්මාර හමුදා පාලනයේ ම්ලේච්ඡ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 53 ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

මියන්මාර හමුදා පාලනයේ ම්ලේච්ඡ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 53 ක් මරුට

මියන්මාර හමුදා පාලනයේ ම්ලේච්ඡ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 53 ක් මරුට

මියන්මාරයේ හමුදා පාලනය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් එරට සිවිල් වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ඒ අතර කාන්තාවන් 15 දෙනෙකු සහ ළමයින් කිහිප දෙනෙකු ද වන බව සඳහන් වේ.

 

මෙම ගුවන් ප්‍රහාර මාලාව හමුදා පාලනයට එරෙහිව කටයුතු කරන මියන්මාරයේ සගායින් කලාපයේ ගම්මානයක් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති බව සඳහන් වේ.

 

මියන්මාරයේ බලය හමුදාව අතට පත්වීමෙන් අනතුරුව ආරම්භ වූ සිවිල් යුද්ධය හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව, තවත් මිලියන 1.4 ක් අවතැන්ව ඇති අතර රටේ ජනගහණයෙන් තුනෙන් එකකට මානුෂීය ආධාර අවශ්‍යව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටී.
 

views

223 Views

Comments

arrow-up