ගෝලීය බෞද්ධ සමුළුව අනිද්දා ඉන්දියාවේදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ගෝලීය බෞද්ධ සමුළුව අනිද්දා ඉන්දියාවේදී

ගෝලීය බෞද්ධ සමුළුව අනිද්දා ඉන්දියාවේදී

රටවල් 30 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව අනිද්දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වෙන බව වාර්තා වේ.

 

මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය එක්වයි.

 

ඒ සඳහා ශ්‍රී ලංකාව, වියට්නාමය, ඇමෙරිකාව ලාඕසය සහ බ්‍රසීලය ඇතුළු රටවල් රැසක නියෝජිතයන් 171 දෙනෙකු සහභාගි වන බව ද වාර්තා වේ.
 

views

264 Views

Comments

arrow-up