චාල්ස් රජුගේ රාජාභිෂේකයට රත්‍රන් අශ්ව කරත්තයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

චාල්ස් රජුගේ රාජාභිෂේකයට රත්‍රන් අශ්ව කරත්තයක්

චාල්ස් රජුගේ රාජාභිෂේකයට රත්‍රන් අශ්ව කරත්තයක්

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා යොදාගන්නා අශ්ව කරත්තය සම්බන්ධයෙන් බකිංහැම් මන්දිරය තොරතුරු අනාවරණය කර තිබේ.

 

 

වසර 1000 ක් පමණ පැරණි රාජකීය සම්ප්‍රදායට අනුව පැවැත්වෙන උත්සවය සඳහා චාල්ස් රජු සහ රැජින පැමිණීමට නියමිතව ඇත්තේ වසර 260 ක් පැරණි රනින් කළ අශ්ව කරත්තයකිනි.

 

 

ලබන මැයි මස 6 වනදාට යෙදී ඇති රාජාභිෂේකය වෙනුවෙන් බකිංහැම් මන්දිරය මේ දින වල සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

චාල්ස් රජුගේ රාජාභිෂේකය ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය තුළ පැවැතවෙනු ඇති අතර රාජකීය යුවළ ඒ වෙත රැගෙන යාම සඳහා, දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීයත්වයේ 60 වන සමරුවේදී යොදාගත් දියමන්ති ජුබිලි අශ්ව කරත්තය යොදා ගනු ඇත.

 

 

ඕක් ලීයෙන් නිර්මාණය කර ඇති මෙම රථයේ ඇතුළත ඓතිහාසික ගොඩනැගිලි සහ මන්දිරවල ආකෘතිය දක්නට ලැබේ.

 

 

වෙස්ට්මින්ස්ටර් ඇබේහි පැවැත්වෙන උත්සවයෙන් පසුව ආපසු චාල්ස් රජු සහ කැමිලා රැජින බකිංහැම් මන්දිරය වෙත පැමිණීමට නියමිතව ඇත්තේ වසර 261 ක් පැරණි රනින් කළ අශ්ව කරත්තයෙනි.

 

 

1762 වසරේදී එනම් තෙවැනි ජෝර්ජ් රජුගේ සමයේදී නිර්මාණය කර ඇති එම කරත්තය එරට පැරණිතම රාජකීය අශ්ව කරත්තය ද වේ.

 

 

දිගින් 7m ක්, උසින් 3.6m ක් සහ බරින් ටොන් ක් වන මේ අශ්ව කරත්තය ඇදගෙන යාමට අශ්වයින් 8 දෙනෙකු අවශ්‍ය බව වාර්තා වේ.

views

294 Views

Comments

arrow-up