ඕස්ට්‍රේලියාවත් ටික්ටොක් වලට වැට බඳී

ඕස්ට්‍රේලියානු රජයේ කටයුතු හා සම්බන්ධ වන දුරකථනවල ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඕස්ට්‍රේලියානු රජය ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති බවද වාර්තා වේ.
මේ වන විට කැනඩාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ටික් ටොක් යෙදවුම සඳහා තහනමක් පනවා ඇති අතර, ඒ අනුව ටික් ටොක් තහනම් කරනු ලබන පස්වන රට බවට ඕස්ට්‍රේලියාව පත් වී තිබේ.
මෙම රටවල් ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර ඇත්තේ චීන හිමිකාරීත්වය සහිත ටික්ටොක් යෙදුම හරහා සිය රටවල සංවේදී තොරතුරු චීනයේ ආරක්ෂක අංශ මගින් ලබාගැනීමට පවතින අවදානම හේතුවෙනි.
210 Views
Comments