ඉන්දියාව රුසියාව සමග එක්වී වාර්තාගත තෙල් ආනයනයක

පසුගිය වසරේදී ඉන්දියාව වෙත සිදු කළ බොරතෙල් අලෙවිය විසි ගුණයකින් ඉහළ දා ඇති බවත්, යුරෝපානු ගැනුම්කරුවන් වෙනත් වෙළඳපොලවල් කරා යොමුවීම හේතුවෙන් එලෙස ඉන්දියාව වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ නැංවූ බවත්, එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් ප්‍රකාශ කර සිටී.
ඉන්දියාවට අමතරව චීනයට ද රුසියාවෙන් සිදුකරන ලද තෙල් සැපයුම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව, යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් අනතුරුව බටහිර හා යුරෝපානු රටවල් රුසියාවේ තෙල් සඳහා සීමා පැනවූ බවත්, ඉන්දියාව එම පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් රුසියාව ඉන්දියාව වෙත සිදු කරන තෙල් සැපයුම ඉහළ නැංවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම රුසියාව ඉන්දියාව වෙත තෙල් සපයනු ලබන්නේ විශේෂ වට්ටම් යටතේ අඩු මිලකට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ හමුවේ ඉරාකය හා සෞදි අරාබිය අභිභවා ඉන්දියාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරු බවට පත්ව ඇත්තේ රුසියාවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉකුත් පෙබරවාරි මාසය වනවිට ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් 40% ක ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ රුසියාවෙන් බවත්, එමෙන්ම මේ වනවිට ඉන්දියාව දිනකට රුසියාවෙන් ආනයනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියන 1.6 ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
208 Views
Comments