අම්රිට්පාල් භාර වන තෙක් පන්ජාබ් වැසියන්ට ඉන්ටර්නෙට් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

අම්රිට්පාල් භාර වන තෙක් පන්ජාබ් වැසියන්ට ඉන්ටර්නෙට් නෑ

අම්රිට්පාල් භාර වන තෙක් පන්ජාබ් වැසියන්ට ඉන්ටර්නෙට් නෑ

සීක් ආගමිකයින් සඳහා වෙනම රාජ්‍යයක් ස්ථාපිත කරගැනීම සඳහා ඉන්දියාව තුළ ඇරඹී ඇති අරගලය තවමත් අඛණ්ඩව ඉදිරියට ඇදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මේ සටන මෙහෙයවීමට මූලික වූ අම්රිට්පාල් සිං ට ආරක්ෂක අංශ වෙත භාර වන ලෙස නියෝග කර ඇති අතර, දින 04 ක් පුරා පන්ජාබ් ප්‍රාන්තයේ නොකඩවා ක්‍රියාත්මක වන අන්තර්ජාල තහනම අවසන් කිරීමට නම් ඔහු යටත් විය යුතුම බව ඉන්දීය බලධාරීහු කියා සිටිති.

 

එහෙත්, මෙම නියෝගයට තවමත් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, අම්රිට්පාල් හිතවාදීන් කඩු, මුගුරු අතැතිව වීදි පුරා සැරිසරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

views

234 Views

Comments

arrow-up