විදුලි බිඳවැටීමකින් පකිස්තානය අඳුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

විදුලි බිඳවැටීමකින් පකිස්තානය අඳුරේ

විදුලි බිඳවැටීමකින් පකිස්තානය අඳුරේ

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අධි ආතති (HT) සම්ප්‍රේෂණ කේබලයක් ක්‍රියා විරහිත වීම නිසා පකිස්තානයේ කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයක් සඳුදා දින අඳුරේ පැවති බව එරට පුවත් වාර්තා කර තිබේ. විදුලි සම්ප්‍රේෂණ ජාල කිහිපයක සිදු වූ මෙම හදිසි බිඳවැටීම නිසා කරච්චියේ 40% ක් පමණ සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත.

 

 

නගරයේ විදුලි සැපයුම භාරව සිටින උපයෝගිතා සමාගම වන K-Electric සමාගම තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති අතර ජාතික විදුලිබල පද්ධතියේ සිදු වූ සංඛ්‍යාත අලාභයක් පාකිස්තානය පුරා විවිධ නගරවල විදුලි සැපයුමට බලපෑ බව එහි මාධ්‍ය ප්‍රකාශක ඉම්රාන් රනා මේ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී පවසා තිබේ. කරච්චි නගරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඔවුන්ගේ නිළධාරීන් සක්‍රීයව අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

169 Views

Comments

arrow-up