මැඩගස්කරයට ගිය ෆ්‍රෙඩී නැවතත් මොසැම්බික් වෙත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

මැඩගස්කරයට ගිය ෆ්‍රෙඩී නැවතත් මොසැම්බික් වෙත

මැඩගස්කරයට ගිය ෆ්‍රෙඩී නැවතත් මොසැම්බික් වෙත

“ෆ්‍රෙඩී” සුළි කුණාටුව මැඩගස්කරයට ළඟා වීමෙන් පසු මොසැම්බික් වෙත නැවත ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසා සිටී.

 

මැඩගස්කරයේ රජය පවසා සිටින්නේ  “ෆ්‍රෙඩී” සුළි කුණාටුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගිය අතර නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.

 

සුළි කුණාටුව පෙබරවාරි මස මුලදී උතුරු ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් වර්ධනය වූ අතර පසුව දකුණු ඉන්දියන් සාගරය හරහා කිලෝමීටර් දහස් ගණනක් ගමන් කර මොරිෂස් සහ ලා රියුනියන්ට බලපෑ බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටී.

 

“ෆ්‍රෙඩී” පෙබරවාරි අගදී ගිණිකොනදිග අප්‍රිකාවට ළඟාවීමෙන් පසු පුද්ගලයින් 21 දෙනෙකු මිය ගිය අතර දහස් ගණනක් අවතැන් වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටී.

views

166 Views

Comments

arrow-up