මහමැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

මහමැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

මහමැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

මහමැතිවරණය සැලසුම් කර ඇති පරිදි පවත්වන ලෙස පාකිස්තාන රජයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 "එරට හමුදාව සහ අධිකරණ ක්ෂේත්‍රයේ බලධාරීන් එක්ව එරට නායකයෙකු බලයෙන් නෙරපා මැතිවරණය පමා කිරීමට සැලසුම් කර ඇති බවට" වාර්තා පළවීමත් සමග එම නියෝගය නිකුත් කර තිබේ.

 

විධායකය, සිවිල් සහ හමුදා බලධාරීන් මැතිවරණය නොපැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතු බව එරට අගවිනිසුරු ඉෆ්තිකාර් චෞද්‍රි සිය නියෝගය මගින් සඳහන් කර තිබේ.

 

එළඹෙන මැයි මාසයේ දී එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.
 

views

182 Views

Comments

arrow-up