තුර්කියටත් වඩා බරපතල භූ කම්පනයක් ඉන්දියාවේ ඇති වන බවට අනාවැකියක්

ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා තිබෙන්නේ, ඉදිරි සතියේ දී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් සිදුවන බවයි. හෙතෙම තවදුරටත් සඳහන් කර තිබෙන්නේ, මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා බරපතල ලෙස රිච්ටර් මාපකයේ අටක් වැනි අගයකින් ඇති විය හැකි බවයි.
උත්තරකාන්ත් ප්‍රාන්තයේ සිදුවන භූචලන අතිශයින් විශාල බව ද ඔහු වැඩිදුරටත් දක්වා ඇත. එම ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති භූචලන විමර්ශන මධ්‍යස්ථාන 18 තුළින් කම්පන නිරීක්ෂණ කෙරෙන බව ද රාධි මහතා කියා සිටී. ඉන්දීය භූචලන ප්‍රධානියා පවසන්නේ, මෙම ප්‍රාන්තයේ ගොඩනැඟිලි රැසක් ඉදිකර ඇත්තේ පොළොව යට බවය. පූර්වචන්ද්‍ර රාධි හෙළි කළේ, ඉන්දියාවේ භූතලය වසරකට සෙන්ටිමීටර් පහ බැගින් ගමන් කරන බව ය.
172 Views
Comments