මෙනේරි ප්‍රවර්ධනය කරන ඉන්දියාව

2023 වසර ජාත්‍යන්තර මෙනේරි වර්ෂය ලෙස නම් කර තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි.
ඉන්දියාවේ මගපෙන්වීම හා මූලිකත්වය මත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම පියවර ගෙන ඇති බවත් දේශීය සහ විදේශීය වශයෙන් පෝෂ්‍යදායි ධාන්‍ය ප්‍රවර්ධනය සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසා සිටී.
ඉන්දියාව සිය නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත කිරීමට මේ වනවිටත් වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර එම වැඩසටහන් විදෙස් රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රචලිත කරමින් තිබෙන බව වාර්තා වේ.
මෙවර ඉන්දියාව සභාපතිත්වය දරණ G-20 කණ්ඩායමේ සෑම හමුවකදීම සහ උත්සවයකදීම මෙනේරි ආශ්‍රිතව සැකසූ ආහාරයක් පිළිගන්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
240 Views
Comments