ඕස්ට්‍රේලියානු රජය චීනයේ නිෂ්පාදිත සී. සී. ටී. වී. කැමරා ප්‍රතික්ෂේප කරයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැක පහළ කරමින් ඕස්ට්‍රේලියන් රජය විසින් තම රටේ ආරක්ෂක ස්ථානවල සවි කර ඇති Hikvision සහ Dahuwa සමාගම් විසින් ස්ථාපනය කරන ලද චීනයේ නිෂ්පාදිත සියලුම නිරීක්ෂණ කැමරා ඉවත් කිරීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඊට හේතු ලෙස ඔවුන් පවසා සිටින්නේ මෙම කැමරා පද්ධති වල අන්තර්ගත දත්ත කරා ප්‍රවේශ වීමේ යම් හැකියාවක් චීනය සතු වෙතැයි පවතින සැකය බවයි.
ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් කියා සිටියේ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත පසුබිමක් නිර්මාණය කිරීම සඳහා මෙම තීරණය ගන්නා ලද බවයි.
පසුගියදා, ඇමරිකාවට ඉහළින් චීනයේ ඔත්තු බැලීමේ බැලුනයක් පියාසර කිරීමේ සිද්ධියත් සමග බොහෝ රටවල් චීනයේ ක්‍රියාකාරකම් කෙරෙහි සැක සංකා මතු කොට තිබේ.
215 Views
Comments