13 සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව නිල වශයෙන් දන්වලා…
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

13 සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව නිල වශයෙන් දන්වලා…

13 සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව නිල වශයෙන් දන්වලා…

 

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට ඉන්දියාව කිසිම අවස්ථාවක ඉඩ නොතබන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.


එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර අර්බුදයට පිළියම් ලෙස ගෙනා මෙම සංශෝධනය ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.


දහතුන්වැනි සංශෝධනය ක්‍රියාවිරහිත කළ යුතු බවට ඉදිරිපත්වන අදහස් කුණු කූඩයට දැමිය යුතු බවද ඔහු සඳහන් කරයි.

 

එම සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවට ස්ථාවරයේ ඉන්දියාව පසුවන බවත් මෑතක දී මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාට මේ බව දැනුම් දී ඇති බවත් හෙතෙම පැවසීය.

 

ඉන්දීය විදේශ ඇමතිවරයා තමන් සමග පැවති සාකච්ඡාවේ දී ද මේ බව පැවසූ බවද හෙතෙම කියා සිටියේය.

views

184 Views

Comments

arrow-up