FEB
09
කැනඩාවේ රිය අනතුරකින් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ළමුන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදු වී ඇත්තේ බස් රථයක් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට කඩා වැදීමෙන් ය.
මෙය අදාළ බස් රථයේ රියදුරු හිතාමතා සිදුකළ අනතුරක් යැයි පොලීසිය සැක පළ කර තිබේ. මේ අනුව සැකකරුට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
222 Views
Comments