FEB
09
තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 20,000කට ආසන්න වෙයි

තුර්කියේ දකුණු කලාපයට හා සිරියාවේ උතුරු කලාපයට බලපෑ රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අද (09) දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එවන ලද අත්‍යවශ්‍ය ආධර සහිත ලොරි රථ 06ක් සිරියාවේ ආපදාවට ලක් වූ ප්‍රදේශයට ළඟා වී තිබුණි.
මුදාගැනීමේ කටයුතු තවදුරටත් සිදු වන අතර ඊශ්‍රායලය, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක මුදාගැනීමේ කණ්ඩායම්වල සහය ද මේ වන විට ඒ සඳහා හිමි ව තිබේ.
229 Views
Comments