සුන්බුන් මැද උපන් දියණිය ඥාතියෙකුගේ භාරයට

ලෝකයේම අවධානය පසුගිය 06 වනදා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ දැරිය පිළිබඳව යොමුවිය. අයා නම් මෙම දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. DNA පරීක්ෂාවකින් පසුව දැරියගේ මවගේ ඥාති කාන්තාවක වෙත දැරිය භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.
පසුගිය 6 වැනිදා සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරව සිටි මවක් විසින් මෙම දැරිය බිහි කර තිබූ අතර එහිදී මව මිය ගිය ද දැරිය මුදාගැනීමට සහන සේවකයින්ට හැකිව තිබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම රෝහල් බලධාරීන් වෙත දුරකථන මාර්ග ඔස්සේ ද අයා හෙවත් ආශ්චර්ය යන නම් තැබූ ඇය හදාවඩා ගැනීම සඳහා ඉල්ලීම් දහස් ගණනක් ලැබී තිබු බව සඳහන්. ඇයගේ ඥාතියෙකු දැරිය හදාවඩා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔවුන් වෙත පමණක් ඇය භාරදීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණි.
175 Views
Comments