නෝර්වීජියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණී ග්‍රේටා තන්බර්ග් ට ඇබැද්දියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

නෝර්වීජියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණී ග්‍රේටා තන්බර්ග් ට ඇබැද්දියක්

නෝර්වීජියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණී ග්‍රේටා තන්බර්ග් ට ඇබැද්දියක්

ඔස්ලෝ නගරයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය පිටුදැකීමේ ක්‍රියාකාරිකයකු වන ග්‍රේටා තන්බර්ග් නෝර්වීජියානු පොලිසිය විසින් ඔසවාගෙන යන අයුරු රොයිටර් කැමරා කාච තුළ සටහන් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

එලෙස ඔසවාගෙන ගොස් ඇත්තේ මේ දිනවල නෝර්වේහි රින්ඩර් තෘණ භූමිවලින් සුළං ටර්බයින යන්ත්‍ර ඉවත් කරන ලෙස ඉල්ලා ආදිවාසී උද්ඝෝෂකයින් සහ අනෙකුත් ක්‍රියාකාරීන් විසින් රජයේ ගොඩනැගිලි කිහිපයක පිවිසුම් අවහිර කරමින් උද්ඝෝෂණ සිදු කළ අවස්ථාවේදී ය.

 

නෝර්වීජියානු මුදල් අමාත්‍යංශයේ එක් දොරක් අවහිර කරමින් සිටි තන්බර්ග් සහ අනෙකුත් පිරිස පොලිස් නිලධාරීන් විසින් ඔසවා ප්‍රදේශයෙන් ඉවතට ගෙන යද්දී සෙසු පෙළපාලිකරුවන් සටන්පාඨ කියමින් සිටි බවට රොයිටර් වාර්තා සඳහන් කරයි.

 

උද්ඝෝෂකයන් චෝදනා කරන්නේ 2021 වසරේ දී නෝර්වේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධ්‍යම නෝර්වේහි ෆොසෙන් හි ඉදිකරන ලද මෙම සුළං බලාගාර දෙක ජාත්‍යන්තර සම්මුතීන් යටතේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට තීන්දු කළත්, නඩු තීන්දුවෙන් මාස 16 ක් ගෙවුණු පසුවත් තවමත් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

views

184 Views

Comments

arrow-up