ග්‍රීසියේ දරුණු දුම්රිය අනතුරකින් 29 ක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ග්‍රීසියේ දරුණු දුම්රිය අනතුරකින් 29 ක් ජීවිතක්ෂයට

ග්‍රීසියේ දරුණු දුම්රිය අනතුරකින් 29 ක් ජීවිතක්ෂයට

උතුරු ග්‍රීසියේ තෙසලෝනිකි සහ ලැරිසා නගර අතර ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඊයේ (28) සවස ලැරිසා නගරය ආසන්නයේ සිදු වූ මෙම අනතුරින් විශාල පිරිසක් ද තුවාල ලබා ඇති බවත්, තුවාල ලැබූ මගීන් මුදා ගැනීමට මෙන්ම අනතුර හේතුවෙන් ඇති වූ ගින්න නිවා දැමීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 17ක් යොදවා ඇති බව ද සඳහන් වේ.

views

163 Views

Comments

arrow-up