ඇමරිකාවට තර්ජනය කරන උතුරු කොරියානු ඒකාධිපතියාගේ සොයුරිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ඇමරිකාවට තර්ජනය කරන උතුරු කොරියානු ඒකාධිපතියාගේ සොයුරිය

ඇමරිකාවට තර්ජනය කරන උතුරු කොරියානු ඒකාධිපතියාගේ සොයුරිය

උතුරු කොරියාව විසින් සිදු කරන අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බැලීමේ ක්‍රියාකාරකම්වල දී එම මිසයිල පැසිපික් සාගරය දෙසට යොමු කළහොත්, ඒවා වෙඩි තබා බිම හෙළන බවට ඇමරිකාව කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් වන කිම් යෝ ජොන් විසින් ඇමරිකාවට අනතුරු ඇඟවීමක් සිදුකොට තිබේ.

 

කොරියානු නායක කිම් ජොන් අන්ගේ සොයුරිය වන ඇය ප්‍රකාශ කොට ඇත්තේ ඇමරිකාව විසින් ගනු ලබන එවැනි ඕනෑම ක්‍රියාමාර්ගයක් තම රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් සේ සැලකීමට පසුබට නොවන බවයි.

views

204 Views

Comments

arrow-up