ඇමරිකාවේ රාජ්‍ය ආයතන වල ටික්ටොක් තහනමක්

ඇමරිකානු රාජ්‍ය ආයතන වල භාවිත කරන පරිගණක, දුරකතන ආදියෙන් ටික් ටොක් යෙදවුම ඉවත් කරන ලෙස ධවල මන්දිරය උපදෙස් දී තිබේ.
ධවල මන්දිරය ඉහත නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර අවසානයේ එරට කොංග්‍රසය විසින් ගන්නා ලද තීන්දුවක් මත පදනම් වෙමිනි.
මෙම යෙදවුම චීන යෙදවුමක් වන අතර ඒ හරහා චීනය ඇමරිකාවේ ඔත්තු බලන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි. එය ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාවට සහ ඇමරිකානුවන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් බවටද අදහස් පළ විය.
කෙසේ නමුත් ඇමරිකාව තුළ ටික් ටොක් භාවිත කරන පෞද්ගලික පාරිභෝගිකයන් මිලියන 100කට වැඩි පිරිසකට මෙම තහංචිය අදාළ නොවේ.
233 Views
Comments