පාතාල සබඳතා හෙළිවීමෙන් ඇමතිවරයෙක් දිවි ඇති තෙක් හිරගෙට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

පාතාල සබඳතා හෙළිවීමෙන් ඇමතිවරයෙක් දිවි ඇති තෙක් හිරගෙට

පාතාල සබඳතා හෙළිවීමෙන් ඇමතිවරයෙක් දිවි ඇති තෙක් හිරගෙට

මෙක්සිකෝවේ හිටපු ආරක්ෂක අමාත්‍ය ගෙනාරෝ ගාෂියා ලූනා, 2019 වසරේදී ටෙක්සාස් ප්‍රාන්තයේදී මෙක්සිකෝවේ දරුණුතම අපරාධ කල්ලිය ලෙස සැලකෙන සිනෙලෝවා කණ්ඩායමෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට ඇමරිකානු අධිකරණයක් මඟින් සිරදඬුවම් නියම කර තිබේ.

 

නිව්යෝර්ක් බෘක්ලින් දිස්ත්‍රික් අධිකරණයේ මාසයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව දින තුනක් ජූරිය ඒ පිළිබඳ සිදුකළ දීර්ඝ අදහස් හුවමාරුවකින් පසු, හිටපු අමාත්‍යවරයා මෙලෙස වැරදිකරු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

 

54 හැවිරිදි ගාෂියා මෙම වරද තමන් විසින් සිදු කර නොමැති බව පවසන අතර ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙතැයි විදෙස් මාධ්‍ය තව දුරටත් කියා සිටී.

views

192 Views

Comments

arrow-up