ටිබෙටයට නිදහස ලබා දිය යුතු බව පවසමින් චීනයට එරෙහිව විරෝධතා

චීනයට පීඩනයක් එල්ල කරමින් ටිබෙටයට නිදහස ලබාදීමට ගෝලීය ප්‍රජාව එක්විය යුතු බවට විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙලෙස චීනයට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක වී ඇත්තේ බංග්ලාදේශයේ ඩකා නුවරය. චීනයට එරෙහි වැකි ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව ආරම්භ වී ඇත.
චීනය මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් බවත්, ටිබෙටය යනු චීනයේ කොටසක් නොවන බවත් විරෝධතාකරුවන් පවසා තිබේ. 1913 දී ප්‍රකාශයට පත් කළ පරිදි පෙබරවාරි 13 වන දා සිය නිදහස් දිනය ලෙස ටිබෙට් වැසියන් සලකනු ලබයි.
168 Views
Comments