අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන්ට කාර් එකක් ගන්න ඩොලර් 5000ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන්ට කාර් එකක් ගන්න ඩොලර් 5000ක්

අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන්ට කාර් එකක් ගන්න ඩොලර් 5000ක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන් වෙත මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබේ.

 

අනතුරුවලදී රියදුරන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීන ආරක්ෂක උපකරණ වලින් සමන්විත මෝටර් රථ භාවිතයට පෙළඹවීම සඳහා මෙම තීරණය ගත් බව ඔවුන් පෙන්වා දී ඇත.

 

වයස 25 ට අඩු, වසර දහසයකට වඩා පැරණි මෝටර් රථයක් හිමි සියලු දෙනාට මෙම සහනාධාරය සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

 

මූලික අදියර යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ වල වයස 25 ට අඩු තරුණ රියදුරන් දාහක් ඉලක්ක කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ප්‍රාන්ත රජය මෙලෙස ප්‍රදානය කිරීමට සැරසෙන මුදල ඩොලර් 5000 ක් වන බවද වාර්තා වේ.

views

164 Views

Comments

arrow-up