ඇමරිකාවේ සියැටල් වල කුල භේදය පිටු දකින නව නීති මාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

ඇමරිකාවේ සියැටල් වල කුල භේදය පිටු දකින නව නීති මාලාවක්

ඇමරිකාවේ සියැටල් වල කුල භේදය පිටු දකින නව නීති මාලාවක්

ලොව පුරා විවිධ රටවල ඉන්දීය හින්දු භක්තිකයින් ජීවත් වෙයි. එක්සත් රාජධානිය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉන් ප්‍රමුඛය. ඉන්දියානුවන් අතර ඇති කුල භේදය විදෙස් රටවල ජීවත් වුවද එම රටවල සමාජ පැවැත්මටද කරදරයක් වී ඇති බවට සාක්ෂි එමටය.

 

ඇමරිකාවේ සියැටල් නගර බලධාරීන් එවන් පසුබිමක අලුත් නීතියක් සම්මත කර තිබේ. ඒ කුලය අනුව යමෙකුට පහත්කොට සැලකීම තහනම් කරමිනි. එම නගරයේ කවුන්සිලය ඊට අදාළ නීති සම්මත කර තිබුණි.

 

"දකුණු ආසියානු ඩයස්පෝරාව" සැලකිල්ලට ගැනීමේදී මෙය සුවිශේෂී තීරණයක් බව විදෙස් මාධ්‍ය පවසයි. එහි විශේෂයෙන්ම හින්දු භක්තිකයින් සැලකිය යුතු පිරිසක් ජීවත් වෙති. සමාජ බෙදීම් මෙම නීතිය මගින් අඩුවෙතැයි අනුමාන කෙරේ.

views

208 Views

Comments

arrow-up