ලොව වයස්ගතම කාන්තාව මිය යයි

ලොව වයස්ගතම කාන්තාව ලෙස වාර්තා වී සිටි දකුණු අප්‍රිකාවේ වයඹ ජොබර්ටන් ප්‍රදේශයේ වාසය කළ, ජොහානා මැසිබුකෝ නම් කාන්තාව පසුගිය 03 වැනි දින මිය ගිය බව දකුණු අප්‍රිකානු ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කොට සිටී.
මාධ්‍ය විසින් පවසන ආකාරයට ඇය ශතවර්ෂ තුනක් පසු කොට ඇති අතර, ඇය උපත ලබා ඇත්තේ 1894 මැයි 11 වන දා ය.
ඇය බඩඉරිඟු ගොවිපලක හැදී වැඩී ඇති අතර, කිසි දෙනෙක පාසල් ගොස් නොමැති බවත්, ලිවීමට හෝ කියවීමට නොහැකි බවත් අප්‍රිකානු පුවත් වාර්තාකොට සිටී.
ඇය ආඝාතයක් හේතුවෙන් මියගොස් ඇති බවත්, සහෝදර සහෝදරයන් දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක නමවැන්නා ලෙස උපත ලබා ඇති අතර ඇයගේ බාල සොහොයුරියන් දෙදෙනා තවමත් ජීවතුන් අතර සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
197 Views
Comments