ඉරානයේ පාසල් සිසුවියන් පිරිසකට විෂ දුම් ප්‍රහාරයක්

පාසල් සිසුවියන් ඉලක්ක කොටගෙන එල්ල කරන ලද විෂ දුම් ප්‍රහාරයක් පිළිබඳව ඉරානයෙන් වාර්තා වී තිබේ. ඉස්ලාම් නීති රීති තදින් ක්‍රියාත්මක වන මුලධර්මවාදී රාජ්‍යක් වන ඉරානයේ කාන්තාවන්ට ලැබෙන්නේ අනෙකුත් ඉස්ලාම් රාජ්‍ය වල සේම අඩු සැලකිල්ලකි.
කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම ඇතුළු නොයෙකුත් අයිතිවාසිකම් දැඩි සේ උල්ලංඝනය වන ඕනෑම මුලධර්මවාදී ඉස්ලාම් රටක සේම ඉරානයේද කාන්තාවන්ගේ අයිතීන් දැඩි ලෙස ඇහිරී ඇති අතර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ සහ විනෝද වීමේ නිදහසක් නොමැත. එවැනි පසුබිමක ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා සැක පළ කොට තිබේ.
අදාල සිද්ධිය හේතුවෙන් කිසිදු දැරියක් මියගොස් නැති නමුත් මෙයින් වැඩි පිරිසක් හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය සහ වමනය යන රෝග තත්වයන්ට ගොදුරු වී ඇති බව වැඩිදුරටත් කරුණු වාර්තා වී ඇත.
පාසල් වසා දැමීම අරමුණු කර ගනිමින් මෙම සිදුවීම වී ඇති බවට තවමත් කරුණු අනාවරණය කර ගැනීමට ඔවුන් සමත් වී නොතිබුනද මෙය සිතා මතා කළ ක්‍රියාවක් බවට හඳුනා ගෙන ඇත.
211 Views
Comments