චීන ජනපති රුසියාවේ සංචාරයක

අඛණ්ඩව තුන්වන වරටත් චීනයේ ජනාධිපතිවරයා ලෙස බලය තහවුරු කරගෙන සිටින චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවේ සංචාරයකට සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
චීන ජනාධිපතිවරයා රුසියාවට පැමිණෙන නිශ්චිත දිනයක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, ඔහු අප්‍රේල් හෝ මැයි මාසයේ දී රුසියාවේ සංචාරය කරනු ඇති බවට වාර්තා පළ වේ.
දෙවන ලෝක යුද්ධයේදී ලැබූ ජය සමරමින් රුසියාවේ පැවැත්වීමට නියමිත රාජ්‍ය උත්සවයක් සඳහා ජනාධිපතිවරයා අමුත්තෙකු ලෙස සහභාගිවීමට රුසියාවට පැමිණෙන අතර, එම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමට ද සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
179 Views
Comments