ලෝක බලවතුන් දෙදෙනෙකුගේ ප්‍රේමය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ලෝක බලවතුන් දෙදෙනෙකුගේ ප්‍රේමය

ලෝක බලවතුන් දෙදෙනෙකුගේ ප්‍රේමය

ඉන්දියාව ඇමරිකාවේ ගෝලීය උපායමාර්ගික හවුල්කරුවෙකු බව එක්සත් ජනපදය නැවත වරටත් අවධාරණය කර තිබේ. නායකත්ව මට්ටමින්, අමාත්‍ය මට්ටමින් සහ සෑම තරාතිරමක් සඳහාම ඇති කරගෙන ඇති බැඳීම් දැනටමත් දෙරට අතර පුළුල් සබඳතාවක් ගොඩනැගීමට හේතු වී ඇති බව එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක පවසා තිබේ.

 

 

දෙරට අතර ඉහළ වශයෙන් සිදු වන දේශපාලනික සංචාර, නිරතුරු අදහස් හුවමාරු කරගැනීම ද්විපාර්ශ්වික සහයෝගිතාවයට තිරසාර බලපෑමක් උදා කොට ඇත. එම බලපෑම බහු-ආංශික වන අතර වෙළෙඳාම් හා ආයෝජන, සයිබර් ආරක්ෂාව, අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය හා යෙදුම්, පිරිසිදු බලශක්තිය, පරිසරය, කෘෂිකර්මය සහ සෞඛ්‍ය යන සියලු අංශයන් මෙම ද්විපාර්ශ්වික සබඳතාවයෙන් ආවරණය කෙරෙන බව දෙරටේම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් "Chalein Saath Saath: Forward Together We Go" යන නව ආදර්ශ පාඨයද ඔවුන් නිකුත් කර ඇත. දෙරටේම නිලධාරීන් බොහෝ විට දේශපාලනික හා නිල මට්ටමින් එකිනෙකා සමග සම්බන්ධ වී සිටින බවත් ඔවුන්ගේ වර්ධනය වන ආර්ථිකයන් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන ගෝලීය ගැටළු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට සංවිධානයක් පිහිටුවා ඇති බවත් වාර්තා වේ. 

 

 

දෙරටටම අත්වැලක් ලෙස එකිනෙකාගේ සහය අවශ්‍ය තත්ත්වයක පවතින අතර  දෙරට අතර සබඳතාවයේ සාර්ථක අනාගතය බොහෝ දුරට රඳා පවතින්නේ එක්සත් ජනපදය ඉන්දියාව සමඟ සම්බන්ධ වන ආකාරය අනුව බවට මත පළ වී ඇත.

views

187 Views

Comments

arrow-up