ඉරානය සහ සෞදි අරාබිය නැවතත් මිතුරු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ඉරානය සහ සෞදි අරාබිය නැවතත් මිතුරු වෙයි

ඉරානය සහ සෞදි අරාබිය නැවතත් මිතුරු වෙයි

මැදපෙරදිග කලාපීය ප්‍රතිවාදීන් වන ඉරානය සහ සෞදි අරාබිය වසර හතකට පසු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට එකඟ වී තිබේ. චීනයේදී දෙපාර්ශ්වයේම නිලධාරීන් අතර දින හතරක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව මෙම අනපේක්ෂිත නිවේදනය නිකුත් වී ඇත.

 

 

වෙනස් ආගමික මතවාද සහ කලාපීය නිකායවාදයන්ගෙන් දෙරට අතර ඇරඹි එදිරිවාදිකම් පසුකාලීනව උග්‍ර දේශපාලන සහ ආර්ථික අරගලයක් බවට පත්වූ අතර පටු දේශපාලනික අරමුණු හේතුවෙන් දීර්ඝකාලීනව දෙරටේම ජනතාව පීඩා විඳිනු ලැබීය. සංහිඳියාව සඳහා මීට පෙර දැරූ උත්සාහයන් අසාර්ථක වූ නමුත් මෙවර රටවල් ද්විත්වයම කියා සිටියේ මාස දෙකක් ඇතුළත තානාපති කාර්යාල නැවත විවෘත කරන බවත් වෙළෙඳ හා ආරක්ෂක සබඳතා යළි ස්ථාපිත කරන බවත්ය.

 

 

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම ගිවිසුම ඇති කිරීමට සහය දැක්වීම සම්බන්ධයෙන් චීනයට ස්තුතිය පළ කර ඇති අතර ගල්ෆ් කලාපයේ දීර්ඝකාලීන සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන උත්සාහයට උපකාර කිරීමට තමන් සූදානම් බවද වැඩිදුරටත් සඳහන් කර ඇත. 

views

181 Views

Comments

arrow-up