හැරී කුමරු ඩේලි මේල් පුවත්පතට එරෙහිව නඩු මගට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ගායක එල්ටන් ජෝන් සහ තවත් පස් දෙනෙකු විසින් පසුගිය සඳුදා ලන්ඩන් මහාධිකරණයේදී ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබිණි.
ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ දුරකතන ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සහ පෞද්ගලිකත්වයට හානි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත වේ.
ඔවුන් චෝදනා කරන්නේ ඉරිදා දින ඩේලි මේල් සහ ද මේල් යන පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් හෝ පෞද්ගලික විමර්ශකයන් විසින් සිදුකරන ලද නීති විරෝධී ක්‍රියා රාශියකට ඔවුන් ගොදුරු වූ බවයි.
ජංගම දුරකථන පණිවිඩ සඳහා අනවසරයෙන් ඇතුලු වීම, ඇමතුම් පටිගත කිරීම, වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික තොරතුරු ලබා ගැනීම, පෞද්ගලික දේපල කැඩීම සහ ඇතුලු වීම සිදු කිරීම මෙයට ඇතුළත් බව ඔවුන්ගේ නීතීඥ ඩේවිඩ් ෂර්බෝන් මහතා පැවසීය.
201 Views
Comments