කැස්ස සිරප් හේතුවෙන් දරුවන් පිරිසක් මියයාමෙන් ඉන්දුනීසියාවේ මහජන කැළඹීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

කැස්ස සිරප් හේතුවෙන් දරුවන් පිරිසක් මියයාමෙන් ඉන්දුනීසියාවේ මහජන කැළඹීමක්

කැස්ස සිරප් හේතුවෙන් දරුවන් පිරිසක් මියයාමෙන් ඉන්දුනීසියාවේ මහජන කැළඹීමක්

ඉන්දුනීසියානු දරුවන් 200කට වැඩි පිරිසක් 2022 වසරේ සිට කැස්ස සිරප් ලබාදීමෙන් පසු ඇතිවූ වකුගඩු ආබාධවලින් මියගොස් ඇති බවට සැක පළ කරමින් ඔවුන්ගේ දෙමව්පියන් ඉන්දුනීසියාවේ රජයට සහ ඖෂධ සමාගම් 8කට එරෙහිව නඩු පවරා ඇත .

 

පසුගිය වසරේ මිය ගිය සිව් හැවිරිදි නූර් ආසියාගේ පවුලේ සාමාජිකයින් සහ තවත් වින්දිතයින් විසිහතර දෙනකු විසින් මෙම නඩුව පවරා ඇති අතර, විදෙස් මාධ්‍ය දක්වන්නේ මෙම කැස්ස සිරප් වලට ගොදුරු වූ එකම රට ඉන්දුනීසියාව නොවන බවත් ගැම්බියාව සහ උස්බෙකිස්ථානයේද කැස්ස සිරප් හේතුවෙන් මරණ 100 ක් පමණ වාර්තා වී ඇති බවයි.

 

 ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදිත කැස්ස සිරප්  හයක් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කර ඇති නමුත් මේ වන විට ඉන්දුනීසියාව නඩු පවරා ඇති සමාගම් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

 

අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමෙන් මිය ගිය සෑම දරුවෙකු සඳහාම ඩොලර් 195,000ක් සහ අසනීප වූ දරුවෙකුට ඩොලර් 130,000ක් බැගින් මෙම නඩුවෙන් වන්දි ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී.

views

218 Views

Comments

arrow-up