බැංගලෝරයේ දුම්රිය ස්ථානයක බැරලයක් තුළ සැඟවූ කාන්තා මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

බැංගලෝරයේ දුම්රිය ස්ථානයක බැරලයක් තුළ සැඟවූ කාන්තා මළ සිරුරක්

බැංගලෝරයේ දුම්රිය ස්ථානයක බැරලයක් තුළ සැඟවූ කාන්තා මළ සිරුරක්

බැංගලෝර්හි බයියප්පනහල්ලි දුම්රිය ස්ථානයේ පිවිසුම් දොරටුවක් අසල ප්ලාස්ටික් බැරලයක් තුළ තිබී ඊයේ දින කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා කරයි.

 

එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, වයස අවුරුදු 31 ත් 35 ත් අතර වයසේ වයසේ පසුවන තැනැත්තියක බවට විශ්වාස කෙරේ.

 

පුද්ගලයන් තිදෙනෙකු විසින් මළ සිරුර බහාලූ ප්ලාස්ටික් බැරලය මේ වසරේදී බැංගලොර් දුම්රිය ස්ථානයක තිබී මළ සිරුරක් හමුවූ දෙවැනි සිදුවීම මේ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

 

මෙම බැරලය සඳුදා දින ඔටෝ රික්ෂෝවකින් ප්‍රවාහනය කර දුම්රිය ස්ථානයේ දොරටුව අසල තබා යන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කර සිටී. 

views

162 Views

Comments

arrow-up