MAR
14
ඉරානයේ පාසල් සිසුවියන්ට විෂ එන්නත් කළ සැකකරුවන් සියයක් අත්අඩංගුවේ

ඉරානය විසින් රට පුරා පාසල් සිසුවියන් සිය ගණනකට විෂ ශරීරගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලැබෙන බවට රටේ උත්තරීතර නායක අල් කුමේනි ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසු එරට IRNA ඒජන්සිය විසින් ඒ බව තහවුරු කිරීමේ පුවත් නිකුත් කර තිබේ. ටෙහෙරානය ඇතුළු නගර කිහිපයකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇති අතර මෙය සැලසුම් සහගතව රට පුරා ශිෂ්‍යාවන් ඉලක්ක කොට සිදු කරන ලද අපරාධයක්ද යන්න තවම අනාවරණය කරගෙන නොමැත.
174 Views
Comments