එඩින්බරෝහි නව ආදිපාද පදවිය චාර්ල්ස් කුමරුගේ සොහොයුරාට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

එඩින්බරෝහි නව ආදිපාද පදවිය චාර්ල්ස් කුමරුගේ සොහොයුරාට

එඩින්බරෝහි නව ආදිපාද පදවිය චාර්ල්ස් කුමරුගේ සොහොයුරාට

බ්‍රිතාන්‍යයේ වත්මන් පාලකයා වන චාර්ල්ස් රජු සිය පියා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරු අවසන් වරට දැරූ එඩින්බරෝහි ආදිපාද පදවිය තම බාල සොහොයුරා වන එඩ්වඩ් කුමරුන් හට ප්‍රදානය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

 

 

එතෙක් බ්‍රිතාන්‍යයේ පාලනාධිකාරිය දැරූ එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත් වූ දා සිට නව පදවි නාමයක් පිරිනැමූ රාජකීය පවුලේ නවතම සාමාජිකයා වන්නේ එඩ්වඩ් කුමරුන්ය. එම එඩින්බරෝහි ආදිපාද පදවිය පිලිප් කුමරු 1947 දී  එළිසබෙත් කුමරිය සමග විවාහ වූ දා සිට මිය යන තුරුම හෙබවීය. චාල්ස් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා මෙන්ම සිංහාසනයේ උරුමකරු වන විලියම් වේල්සයේ කුමරු වන අතර ඔහුගේ දෙවන පුත් හැරී සහ ඔහුගේ දරුවන් තවදුරටත් රාජකීයයන් ලෙස නොසැලකෙනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

views

179 Views

Comments

arrow-up