MAR
14
චීනයේ සියලු කොරෝනා සීමා ඉවතට

කෝවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසින් සංචාරකයන් වෙනුවෙන් වසර 03 කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර ඇති බව වාර්තා වේ.
දැඩි කොවිඩ් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි චීනය ගෙවුණු වසරේ අගභාගයේදී කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේ ඊට එරෙහිව රට පුරා මතුවූ විරෝධතා රැල්ල ට ප්‍රතිචාරය ලෙස ය.
මේ අනුව සංචාරක වීසා නිකුත් කිරීම හෙට සිට ආරම්භ වනු ඇත.
177 Views
Comments