ස්කොට්ලන්තයේ දඩයම් සඳහා සුනඛයන් යොදා ගැනීම තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ස්කොට්ලන්තයේ දඩයම් සඳහා සුනඛයන් යොදා ගැනීම තහනම් කෙරේ

ස්කොට්ලන්තයේ දඩයම් සඳහා සුනඛයන් යොදා ගැනීම තහනම් කෙරේ

දඩයම් කිරීම සඳහා සුනඛයන් යොදා ගැනීම තහනම් කිරීමේ නව ස්කොට්ලන්ත නීතිය දඩයම් විරෝධී කණ්ඩායම්වල දැඩි උද්දාමයට ලක්ව ඇත. මෙය සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ හඬ නැගූ පිරිස් වලට ඓතිහාසික පුවතක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

 

ස්කොට්ලන්තයේ දීර්ඝ කාලීනව පැවත ආ මෙම හිවලුන් දඩයම් කිරීමේ ක්‍රීඩාව බොහෝ දෙනා අනවශ්‍ය සහ ම්ලේච්ඡ ක්‍රීඩාවක් ලෙස සලකයි. එහිදී දඩයම් බල්ලන් රංචු වශයෙන් යොදා ගෙන තනි හිවලෙකු පලවා හරින අතර පසුව එම සත්වයා අශ්වාරෝහක දඩයම්කරුවන් විසින් මරා දමනු ලබයි. මෙම මතභේදාත්මක ක්‍රීඩාව එක්සත් රාජධානියේ 16 වන සියවසේ සිට පැවත එන අතර සහභාගිවන්නන් සෑමවිටම ඉහළ සමාජ තරාතිරමක් ඇති පුද්ගලයන් වේ.

 

 

ලොව පැරණිතම හිවලුන් දඩයම් කිරීමේ කණ්ඩායම් වලින් එකක් වන 'Lanarkshire and Renfrewshire Hunt' නිවේදනය කළේ වසර 252 කට පසු දඩයම අවසන් වී ඇති බවයි.

views

178 Views

Comments

arrow-up