පකිස්ථානයට IMF ණය පහසුකම තවම නොලැබෙන ලකුණු

පකිස්ථානය අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.
ඇතැම් තාක්ෂණික හේතූන් මෙන්ම පකිස්ථානයේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන පිළිබඳ සම්මුතියක් ඇති කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටළුද ණය පහසුකම අනුමත වීමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පකිස්ථානය මේ වනවිට දැඩි ආර්ථික අවපාතයකට ලක්ව ඇති අතර අඛණ්ඩව ඉහළ යන උද්ධමනය හේතුවෙන් එරට ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටී.
මේ හේතුව නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ඉක්මන් ණය වාරිකයක් අපේක්ෂා කරන පකිස්ථානයට එම මුදල පසුගිය නොවැම්බර් මාසයේදී ලැබීමට නියමිතව තිබුණද පවතින දේශපාලන අස්ථාවරත්වය එයට බාධාවක් වී ඇත.
220 Views
Comments