මුහුදුබත් වූ පිලිපීන නෞකාවේ තෙල් ටැංකිය සොයාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

මුහුදුබත් වූ පිලිපීන නෞකාවේ තෙල් ටැංකිය සොයාගැනේ

මුහුදුබත් වූ පිලිපීන නෞකාවේ තෙල් ටැංකිය සොයාගැනේ

මීට සති තුනකට පමණ පෙර මධ්‍යම පිලිපීනයට ඔබ්බෙන් මුහුදුබත් වූ එම්. ටී. ප්‍රින්සස් එම්ප්‍රස් නෞකාව ගිලී ගිය ස්ථානය සහ එම නෞකාවේ ඉන්ධන ටැංකිය සොයා ගැනීමට මෙහෙයුම් වල නිරත වූ පරීක්ෂණ කණ්ඩායමක් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගිලී ගිය නෞකාවේ කාර්මික ඉන්ධන ලීටර් අටලක්ෂයක්  පමණ රැගෙන ගොස් තිබූ අතර, ඉන්ධන කාන්දුවක්ද සිදු වී ඇත.

 

මේ හේතුවෙන් හෙක්ටයාර 36,000ක පමණ කොරල්පර, කඩොලාන සහ මුහුදු පැළෑටි මෙම ඉන්ධන කාන්දුව හේතුවෙන් අනතුරට ලක්ව තිබෙන බව සමුද්‍ර විද්‍යාඥයින් සඳහන් කරයි.

 

පිලිපීන නෞකාවේ ඉන්ධන කාන්දුව නතර කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබෙන අතර ජපාන රොබෝ යන්ත්‍රයක් භාවිත කරමින් මුහුදු බත් වූ නෞකාවේ ඉන්ධන ටැංකිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

 

views

165 Views

Comments

arrow-up