ජපන් අගමැති යුක්‍රේනයේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ජපන් අගමැති යුක්‍රේනයේ සංචාරයක

ජපන් අගමැති යුක්‍රේනයේ සංචාරයක

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඔහු අද (21) පෝලන්තයට පැමිණ එහි සිට දුම්රියෙන් යුක්‍රේනය බලා පිටත්ව ගොස් ඇති බවයි.

 

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයෙකු සක්‍රීය යුද කලාපයක සංචාරය කරන පළමු අවස්ථාව මෙය ලෙස විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

 

 G-7 කණ්ඩායමේ රටවල සියලු නායකයන් රුසියානු ආක්‍රමයෙන් අනතුරුව යුක්‍රේනයට ගොස් තිබුණත් ජපාන නායකයා පමණක් යුක්‍රේනයේ සංචාරය කර නොතිබුණු බවද සඳහන් වේ.

views

212 Views

Comments

arrow-up