උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අවි නිපදවයි

උතුරු කොරියාව තවත් නවීන න්‍යෂ්ටික අවි කිහිපයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට නායක කිම් ජොං අන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම රට න්‍යෂ්ටික අවි නිෂ්පාදන ක්‍රියාවලියේ අඛණ්ඩව යෙදෙන බවයි.
දකුණු කොරියාව සහ ඇමරිකාව මේ වනවිටත් යුද අභ්‍යාසයක නිරත වන අතර ඒ සඳහා භාවිතා කරන යුධ නෞකා සහ ප්‍රහාරක අවි දකුණු කොරියානු මුහුදු සීමාවේ ස්ථානගත කර තිබෙන බවට වාර්තා වේ.
මෙවන් පසුබිමක් තුළ නවීන න්‍යෂ්ටික අවි වැඩියෙන් නිෂ්පාදනය කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
211 Views
Comments