MAR
28
මෙක්සිකෝ දේශසීමාවේ සංක්‍රමණික කඳවුරක ගින්නක්

ඇමරිකා මෙක්සිකෝ දේශ සීමා මායිමේ ඉදිකර තිබූ සංක්‍රමණික කඳවුරක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිහකට ආසන්න පිරිසක් තුවාල සහිතව රෝහල්ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
නමුත් ස්වේච්ඡා භට කණ්ඩායම් පවසා සිටින්නේ සැබැවින්ම මියගිය ගණන හතළිහකට ආසන්න වන බවයි.
මෙක්සිකෝව හරහා ඇමරිකාවට ඇතුළු වීමට පැමිණෙන සංක්‍රමණිකයන්, ඇමරිකානු ආගමන බලධාරීන්ගෙන් ඇරයුමක් ලැබෙන තුරු රඳවා සිටින්නේ මෙවැනි කඳවුරු තුළ බව සඳහන් වේ.
214 Views
Comments