සුඩානයේ යුරෝපා සංගම් තානාපතිවරයාට ප්‍රහාරයක්

සුඩානයේ යුරෝපා සංගමයේ තානාපතිවරයාට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
සුඩානයේ කාර්ටූම් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී මෙම ප්‍රහාරය එල්ල වූ බව යුරෝපා සංගමයේ ඉහළ පෙළේ රාජ තාන්ත්‍රික නිලධාරියෙකු වන ජෝසෙප් බොරෙල් පවසා සිටී.
ප්‍රහාරය පිළිබඳව වැඩිදුර විස්තර හෙළි නොකළ ජෝසප් බොරෙල්, තානාපතිවරයාගේ තත්ත්වය අයහපත් නොවන බව පමණක් හෙළිකර තිබේ.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් හි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික ස්ථානවල සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සුඩාන රජයේ වගකීම බවයි.
මේ අතර විදෙස් ප්‍රවෘත්ති සේවා තහවුරු කර තිබෙන්නේ සුඩානයේ හමුදාව සහ එරට පැරාමිලිටරි කණ්ඩායම් අතර දින තුනක් තිස්සේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 185 ක් මිය ගොස් 1,800 ක් තුවාල ලබා ඇති බවයි.
191 Views
Comments