සංග්‍රාම භූමියේ යුද වදින පුටින්ගේ සමීපතම පුත්‍රයා

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතමයෙකු වන ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ගේ පුත්‍රයා යුක්‍රේනයට එරෙහි සංග්‍රාමය සඳහා රුසියානු හමුදා සමග එක්ව එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
නිකොලායි පෙස්කොව් නම් වන ඔහු මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවේ.
බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇති නිකොලායි පෙස්කොව් රුසියානු රාජ්‍ය රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කළ අයෙකි.
නිකොලායි පෙස්කොව් වැග්නර් කුලී හමුදාව සමග එක්ව මාස 6 ක කාලයක් යුක්‍රේනයේ බක්මූට් ප්‍රදේශයේ සටන්වල නිරතව සිට ඇති බව වාර්තා වන අතර, තම පියාගේ සම්බන්ධතා තහවුරුවීම වැළැක්වීම සඳහා හමුදාව සමග සම්බන්ධ වීමේදී ව්‍යාජ හැඳුනුම්පතක් ඔහු විසින් භාවිත කොට තිබෙන බවද හෙළිව තිබේ.
ඔහු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තම මිතුරන් වැග්නර් කුලී හමුදාවට එක්වීමත් සමග, රුසියාව වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමේ අරමුණින් තමන්ද යුද බිමට පිවිසි බවය.
256 Views
Comments