රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ගුවන් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ගුවන් ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ගුවන් ප්‍රහාරයක්

යුක්‍රේනය ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය කියා සිටී.

 

යුක්‍රේනයේ ඩ්නිප්‍රෝ නගරය වෙත රුසියාව මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර, ප්‍රහාර හේතුවෙන් නගරය පුරා ගිනි ගැනීම් හට ගෙන ඇති බව වාර්තා වේ.

 

එම නගරයේ පිහිටි නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙන අතර, ඒ අතර මහල් නිවාස 19 ක්, පෞද්ගලික නිවාස 25 ක්, පාසල් සහ ළදරු පාසල් 06 ක් සහ වෙළඳසැල් 05 ක් ද වන බව සඳහන් වේ.

 

මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකුට තුවාල සිදුව ඇති බවද විදෙස් පුවත් වාර්තා කොට සිටී.

 

ප්‍රහාරයෙන් පැය කිහිපයකට අනතුරුව කිව් අගනුවර ඇතුළු සමස්ත යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් වූ බවද වාර්තා වන අතර, රුසියාව විසින් එල්ල කළ කෲස් මිසයිල 18 කින් 15 ක්ම සාර්ථකව බිම හෙලූ බව යුක්‍රේන හමුදාව පවසයි.

 

views

232 Views

Comments

arrow-up