කෙන්යානු ජනපති රට වැසියන්ගෙන් සමාව ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

කෙන්යානු ජනපති රට වැසියන්ගෙන් සමාව ගනී

කෙන්යානු ජනපති රට වැසියන්ගෙන් සමාව ගනී

කෙන්යාවේ වෙරළබඩ නගරයක් වන Malindi ප්‍රදේශයේ වළ දමා තිබූ සිරුරු සම්බන්ධයෙන් එරට ජනාධිපති William Ruto කෙන්යාවේ වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

ආගමික දේශකවරයෙකුගේ දේශනාවලට අනුව අනුගාමිකයින්ට නිරාහාරව සිටීමෙන් මිය යන ලෙස පවසා ඇති බවටයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

 

 

මේ සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකිරීම පිළිබඳව එරට පොලිසියට සහ බුද්ධි අංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී දොස් පවරා ඇති අතර සිදුවූ මෙම සමූහ ඝාතන පිළිබඳ වාර්තාවක් තමාට ලබාදීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

 

 

මේ වන විට සිරුරු 200කට වැඩි ප්‍රමාණයක් ගොඩගෙන ඇති අතර තවත් 600කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

views

191 Views

Comments

arrow-up