කැනඩාවේ චීන තානාපති නිලධාරියෙක් රටින් නෙරපයි

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාලයේ සේවය කළ සාඕ වෙයි නම් චීන තානාපති නිලධාරියෙකු එරටින් නෙරපීමට කැනඩාව කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.
චීනය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී මයිකල් චොං විසින් චෝදනා කිරීමෙන් අනතුරුව, හොංකොං හි වෙසෙන ඔහුගේ ඥාතීන්ට චීන බලධාරීන් විසින් හිරිහැර කර ඇති බව වාර්තා වන අතර, ඊට ප්‍රති ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
කැනඩා විදෙස් කටයුතු අමාත්‍ය මෙලනි ජෝලි විසින් නිල වශයෙන් මේ පිළිබඳ නිවේදනය කොට ඇති අතර, තම නිලධාරියාව නෙරපීම වැරදි ක්‍රියාවක් බවට ඔටාවා නුවර පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.
205 Views
Comments