ඉන්දියාවේ දරුණු බස්රථ අනතුරකින් 22ක් මිය යයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි පාලමකින් ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරළීමෙන් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන්දෝර් බලා ගමන් ගත් මෙම බස් රථය කාගෝන් හි දසන්ගා ගම්මානයේ පිහිටි පාලම මතින් පෙරළී පිටතට විසිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 50 දෙනෙකු සිට ඇති බව සඳහන් වේ.
සිද්ධියෙන් මියගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 4 ක් සහ බරපතළ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 ක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන බව මධ්‍ය ප්‍රදේශ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර සිටී.
244 Views
Comments