MAY
22
ස්පාඤ්ඤයේ ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටෙයි

ස්පාඤ්ඤය ගුවන් හමුදාවට අයත් F-18 හොනර්ට් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් පිහිටි සාරාගෝසා ගුවන් කඳවුරට යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර කරයි.
කෙසේ වෙතත් යානය කඩා වැටී පුපුරා යාමට පෙර ඉන් ඉවත් වීමට එහි නියමුවා සමත් වී ඇත.
එම යානාව කඩා වැටීමට හේතු සොයා ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යංශය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
237 Views
Comments