මොස්කව් නගරයට යුක්‍රේනය ප්‍රහාරයක් එල්ල කරලා - රුසියාව පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

මොස්කව් නගරයට යුක්‍රේනය ප්‍රහාරයක් එල්ල කරලා - රුසියාව පවසයි

මොස්කව් නගරයට යුක්‍රේනය ප්‍රහාරයක් එල්ල කරලා - රුසියාව පවසයි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මොස්කව් නගරයට ප්‍රථමවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර මේ පිළිබඳව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අවම වශයෙන් ඩ්‍රෝන යානා අටක් භාවිතා කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

 

 

කෙසේවෙතත් යුක්‍රේනය මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

 

කියෙව් වෙත එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාර මාලාවකට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවත් ගොඩනැගිලි කිහිපයකට සුළු හානි සිදුව ඇති බවත් බලධාරීහු වැඩි දුරටත් සඳහන් කරයි.

views

245 Views

Comments

arrow-up